Category Archives: Uncategorized

හිටපු සහ වත්මන් නාවික හමුදාපතිගෙන් ප්‍රකාශ ලබාගැනීමට අධිකරණයෙන් අවසර පතයි.

No comments
2008 - 2009 වසරවලදී කොළඹ සහ ත්‍රිකුණාමලය ප්‍රදේශවල දෙමළ සහ මුස්ලිම් තරුණයින් 11 දෙනෙකු අතුරුදන්වීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩගෙන් සහ වත්මන් නාවික හමුදාපති  වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරාගෙන් ප්‍රකාශයක් සටහන් කරගන්නා බව රහස් පොලීසිය ඊයේ  අධිකරණයට දැනුම් දුන්නා. ඒ, ඊට අදාළ නඩුව කොළඹ - කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවූ අවස්ථාවේදියි. ඊට අමතරව
more

මැතිවරණ කාලේ අමාත්‍ය රිෂාඩ් රස්සා 100ක් දුන්නේ ඇයි ?

No comments
කර්මාන්ත සහ වානිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව අද කොළඹදී හා පුල්මුඩේදී විරෝධතා දෙකක් පැවැත්වුණා. විරෝධතාකරුවන් පැවසුවේ මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු පුල්මුඩේ ඛණිජ වැලි නීතිගත සංස්ථාවට නීති විරෝධී ලෙස සේවකයන් 100 කට අධික පිරිසක් බදවා ගැනීමට අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කටයුතු කරන බවටයි. රාජගිරියේ පිහිටි ඛනිජ වැලි නීතිගත සංස්ථාවේ
more

ත්‍රිකුණාමලයේ රක්ෂිතයක ගින්නක්

No comments
ත්‍රිකුණාමලය - 5 කණුව ප්‍රදේශයේ වන රක්ෂිතයක ඊයේ පස්වරුවේ ඇති වූ ගින්නකින් අක්කර 20ක පමණ භූමි ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා. ත්‍රිකුණාමලය නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය සහ පොලීසිය විශාල පරිශ්‍රමයක් දරා ගින්න පාලනය කර ඇති බව ගිනි නිවීමේ ඒකකය සදහන් කළා. පැය 3ක පමණ කාලයක් ගින්න පැතිර ගොස් ඇති අතර, ඊට හේතුව මෙතෙක්
more

අද ඔරලෝසුවට තත්ත්පරයක් එක්වෙයි.

No comments
පෘථිවි භ්‍රමණය මන්දගාමීවීමට සමගාමීව වේලාව වෙනස් කිරීමට නාසා ආයතනය ගත් තීරණයට අනුව, බ්‍රිතාන්‍යයේ සුප්‍රකට බිග්බෙන් ඔරලෝසුව ද අද එම වෙනස්කම් සිදුකරනවා. පෘථිවි වේලාවට අනුව පරමාණුක ඔරලෝසුවේ වේලාව මෙලෙස වෙනස් කරන්නේ තත්ත්පරයකින්. ඒ අනුව, අද මධ්‍යම රාත්‍රී 11 යි විනාඩි 59 යි තත්ත්පර 60 ට ජූලි පළවනදා උදා වනවා. මේ අතර, බ්‍රිතාන්‍යයේ ජාතික භෞතික
more

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම 20 සම්මත කිරීමෙන් පසු

No comments
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනිම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව බව ආණ්ඩු පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළා. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සූදානමක් ඇති බවට දේශපාලන කරලියේ මේ දිනවල නිරන්තරයෙන් අසන්නට ලැබෙනවා. කෙසේ නමුත් විසිවන සංශෝධනය සම්මත කරන තුරු එය අවිනිශ්චිත කරුණක් වී ඇති බව අප අදහස් විමසූ ආණ්ඩු පක්ෂ ආරංචි මාර්ග වැඩිදුරටත් කියා
more
Sihasara Facebook