Category Archives: Uncategorized

මහනුවරදී බලපත් නොමැති විදෙස් හුවමාරු මධ්‍යස්ථානයක් වටලයි.

No comments
මහනුවර - කොටුගොඩැල්ල වීදියේ පවත්වාගෙන ගිය නීත්‍යානුකූල බලපත්‍ර නොමැති විදෙස් මුදල් හුවමාරු කිරීමේ මධ්‍යස්ථානයක් ඊයේ මහ බැංකුවේ විනිමය පාලන නිලධාරීන් විසින්  වටලා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ප්‍රකාශ කළේ විදෙස් මුදල් සහ එම ස්ථානයේ සේවය කළ  පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි. අත්අඩංගුවට ගත් පුද්ගලයන් සතුව තිබී රුපියල් දෙලක්ෂ 21 දහස් 309 ක් වටිනා
more

හමුදා සතුව පැවති අවසන් නගරයත් කැරලිකරුවන්ට.

No comments
අල්කයිඩා සංවිධානයට අනුබද්ධ සිරියානු අල් නුස්රා සටන්කාමීන් සිරියාවේ ඉඞ්ලිබ් නගරය ඊයේ තම ග්‍රහණයට ගැනීමට සමත්වුණා. එය බටහිර දිග සිරියාවේ රජයේ හමුදා සතුව පැවති අවසන් ප්‍රධාන නගරයයි. කෙසේ නමුත්, සිරියානු රජය ප්‍රකාශ කළේ එහි තවමත් දරුණු ගැටුම් පවතින බවයි. තුර්කි දේශසීමාව ආසන්නයේ පවතින ඉඞ්ලිබ් නගරය ක්‍රමෝපාය අතින් වැදගත් නගරයක් ලෙසයි සැලකෙන්නේ. එමෙන්ම, එය පිහිටා
more

රමාඩි යළි අල්ලා ගැනීමට මෙහෙයුම්.

No comments
ඉරාකයේ අන්බා ප්‍රාන්තයේ රමාඩි නගරය අත්පත් කරගෙන සිටින අයි.එස්. සටන්කාමීන්ට එරෙහිව ඉරාක හමුදා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව මේ වන විටත් රමාඩි නගරයේ බොහෝ ප්‍රදේශ ඉරාක හමුදා අත්පත් කරගෙන ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ. ඉරාකයේ විශාලතම නගරයක් ලෙස සැලකෙන රමාඩිහි දීර්ඝ මෙහෙයුමකින් පසුව මීට දින කිහිපයකට පෙර අයි.එස්. සටන්කාමීන් ග්‍රහණයට පත්වුණා.
more

සෞඛ්‍ය-වර්ජනය-නිසා-රෝහල්වල-දෛනික-කටයුතුවලට-බාධා.

No comments
සමස්ත ලංකා සුව සේවා සංගමය ඇතුළු වෘත්තීය සමිති 5ක සාමාජිකත්වය දරණ, ශ්‍රේණි 30ක අයත් සෞඛ්‍ය සේවකයින් දිවයින පුරා රෝහල්වල ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් රෝහල් රැසක දෛනික කටයුතුවලට තවදුරටත් බාධා එල්ල වී තිබෙනවා. රුපියල් 3000ක දීමනාවක් ලබා ගැනීම ඇතුළු ඉල්ලීම් 10ක් මුල් කර ගනිමින් එම සංගමය අද උදෑසන 6.30ට සිට වර්ජනයක් ආරම්භ
more

මොකෝ අපිට බැරි.

No comments
අතුරු වෛද්‍ය, පරිපූරක වෛද්‍ය, හෙද සහ වෛද්‍ය කාර්ය මණ්ඩල සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබාදුන් රුපියල් 3000 විශේෂ දීමනාව තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලමින් රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩල නිලධාරින් අද උදෑසන පැය 4 ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා. පළාත් සභාවලට අයත් සියලූම රෝහල්වල සහ මධ්‍යම රජයේ රෝහල් කිහිපයක මෙම වැඩවර්ජනය ආරම්භ කළ බවයි
more
Sihasara Facebook