Monthly Archives: July 2014

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇෆ්ගනීස්ථානයේ……………

No comments
ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී හදිසි චාරිකාවක් සඳහා ඇෆ්ගනීස්ථානයට පැමිණ සිටිනවා. එරට ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵලය සම්බන්ධයෙන් මතුවී ඇති අර්බුදය විසඳීම සඳහා මැදිහත්වීමට සූදානම් බවයි ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ. ජනාධිපතිවරණයේ දෙවන වටය සඳහා තරග වැදුණු අබ්දුල්ලා අබ්දුල්ලා සහ අශ්රෆ් ඝානි සම`ග ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. ජනාධිපතිවරණයේ පළමු වටයේ ජයග‍්‍රහණය කළ අබ්දුල්ලා අබ්දුල්ලා අභිබවා අශ්රෆ් ඝානි දෙවන වටයේදී ඉදිරියට
more

අනුර කුමාර පොලීසියට දෙහි කපයි.……………….

No comments
නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී කල් තැබීමේ විවාදයක් පැවැත්වුණා. විවාදය සඳහා යෝජනා ඉදිරිපත් කරමින් අදහස් දැක්වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ නීතියේ ආධිපත්‍යය තර්ජනයට ලක්ව ඇති බවයි. එහිදී අලුත්ගම බේරුවල සිද්ධිය සම්බන්ධයෙන්ද ඹහු සිය අදහස් ඉදිරිපත් කළා. [audio mp3="http://sihasara.lk/wp-content/uploads/2014/07/anura-02.mp3"][/audio]
more

නෝට්ටු 300ක් මාට්ටු…………………

No comments
රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 200ක් සමග සැකකරුවන් දෙදෙනෙකු දෙමටගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ අත්අඩංගුවට ගත් එම සැකකරුවන් අද අලුත්කඩේ අංක 05 අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ව්‍යාජ මුදල් නෝට්ටු සියයකට වැඩි සංඛ්‍යාවක් ළග තබාගැනීම සම්බන්ධයෙන් මීට පෙර සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා. ව්‍යාජ රුපියල් 5000ක නෝට්ටුවක් සමග බම්බලපිටිය
more

සංක‍්‍රමණ නවත්වන්නට මොරිසන්, ගෝඨාභය හමුවට……………

No comments
මෙරට සංචාරයක නිරත වූ ඕස්ටේ‍්‍රලියානු ආගමන විගමන අමාත්‍ය ස්කොට් මොරිසන් මහතා සහ ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අතර ඊයේ සාකච්ඡාවක් පැවැත්වුණා. එම අමාත්‍යාංශයේ පැවති මෙම සාකච්ඡාවේදී දෙරටට අදාළ කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි ආරක්ෂක අමාත්‍යාංශ වෙබ් අඩවිය සඳහන් කළේ. මෙහිදී නිතිවීරෝධී සංක‍්‍රමණ සම්බන්ධයෙන්ද සාකච්ඡා කර ඇති බව සඳහන්. සංක‍්‍රමණ ජාවාරම් වැළැක්වීමේ අරමුණින් නාවික
more

ඌව අද මැදියම් රෑ විසුරුවයි……………

No comments
ඌව පළාත් සභාව අද මධ්‍යම රාත‍්‍රියේ සිට විසුරුවා හරින බව ඌව පළාතේ ප‍්‍රධාන අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා පවසනවා. විසුරුවා හැරීමේ ලිපිය පළාත් මහඇමතිවරයා විසින් පළාත් ආණ්ඩුකාර සී.නන්ද මැතිව් මහතා වෙත ලබාදීමෙන් අනතුරුව ආණ්ඩුකාරවරයා විසින් පළාත් සභාව විසුරුවා හරිනු ඇති. මේ සම්බන්ධයෙන් අප ප‍්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඌව පළාත් ආණ්ඩුකාර නන්ද මැතිව් මහතා සඳහන් කළේ අද පස්වරුවේදී විසුරුවා
more
Sihasara Facebook