Monthly Archives: May 2015

අධ්‍යාපනය නිසි මඟට ගමු – සාගල රත්නායක.

No comments
නිසි ප්‍රතිපත්තියක් නොමැතිකමින් අයාලේ යන මෙරට අධ්‍යාපනය නිවැරදි මඟට ගැනීම සඳහා වන කථිකාව වහාම ආරම්භ කළ යුතු බව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ප්‍රකාශ කළා. ඒ, කඹුරුපිටිය - නාරංදෙනිය මධ්‍ය මහා විද්‍යාලයේ පැවැති උත්වයකට එක්වෙමින්. එහි නව විද්‍යාගාරය සහ පාසලේ නිළ වෙබ් අඩවියයි අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක අතින් විවෘත කෙරුණේ. more

ජනතාවට අවස්ථාවක් දෙන්න – ජවිපෙ.

No comments
ජනවාරි 8 වන දා ලැබුණු ජන වරමට ගරු කරමින් ආණ්ඩුව කඩිනමින් මහමැතිවරණය පැවැත්විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කළා. ඒ සඳහා ජනතාවට අවස්ථාව ලබාදීම ආණ්ඩුවේ වගකීමක් බවයි එම පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහනුවර ඊයේ පැවැති රැස්වීමකදී කියා සිටියේ.
more

ඉදිරි මැතිවරණයේදී අත්හදා බැලීමක්.

No comments
ඉදිරි මැතිවරණවලදී ආබාධ සහිත හෝ වැඩිහිටි ඡන්දදායකයින්ට ඡන්දපොළට බාධාවකින් තොරව ප්‍රවේශවීම සඳහා අවස්ථාව සලසන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසනවා. කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ එහි එක් පියවරක් ලෙස දෘෂ්‍යාබාධිත පුද්ගලයින් සඳහා බ්‍රේල් ක්‍රමයෙන් ඡන්දපත්‍රිකා හඳුන්වාදීමට පියවර ගන්නා බවයි. මිලියන 15ක් වන මෙරට ඡන්දදායකයින් අතරින් මිලියනයකට ආසන්න පිරිසක්
more

මාධ්‍යවේදීන් අතුරුදන්වීම ගැන පරීක්ෂණ අලූත් වෙයි.

No comments
අතුරුදන් වූ මාධ්‍යවේදීන් පිළිබඳ සිදුකළ පරීක්ෂණවල ලිපිගොනු නැවත විවෘත කර නිවැරදි, අපක්ෂපාතී සහ සාධාරණ පරීක්ෂණ පැවැත්වීමට ඉඩ ලබාදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ඒ, කොළඹ නීතිඥ සංගම් ශ්‍රවණාගාරයේ ඊයේ  පැවැති උත්සවයකට එක්වෙමින්. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති උපුල් ජයසූරියට පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයෙන් පිරිනැමුණු සම්මානය සමඟ ලැබුණු ඇමරිකානු ඩොලර් 5000ක මුදල
more

වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට විමධ්‍යගත අරමුදල් අවශ්‍ය නැහැ .

No comments
ලබන ජුනි 3 වැනිදායින් පසු ස්වාධීන කොමිෂන් සභා බලාත්මක කිරීමේ ඉඩ ප්‍රස්ථාව පවතින බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව සඳහා නම් කර ඇති සිවිල් නියෝජිතයන් තුන්දෙනා සඳහා ලබන 3 වැනිදා පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවීමෙන් පසු ඒ සඳහා අවස්ථාව උදාවන බවයි සභානායකවරයා පෙන්වා දෙන්නේ්. එම අනුමැතිය හිිමිවීමත් සමඟම ව්‍යවස්ථාදායක සභාව සක්‍රිය වනු
more
Sihasara Facebook