Monthly Archives: May 2015

ලක්ෂ්මන් යාපා, පණ්ඩු, හේමාල්, සියඹලාපිටියට අමාත්‍ය ධුර, චන්ද්‍රසිරි සූරියආරච්චිට නියෝජ්‍ය ඇමති ධුරයක්

No comments
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද දිනයේ අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ධුරයන්හි දිවුරුම් දුන්නා. මේ අනුව, අද ජනාධිපතිවරයා ඉදිරියේ පාර්ලිමේන්තු කටයුතු කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවේ නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනයි. රාජ්‍ය පරිපාලන හා ප්‍රජාතන්ත්‍රීය පාලනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පණ්ඩු බණ්ඩාරනායක දිවුරුම් දී තිබෙනවා. එමෙන්ම, පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස රංජිත්
more

හමුදා සතුව පැවති අවසන් නගරයත් කැරලිකරුවන්ට.

No comments
අල්කයිඩා සංවිධානයට අනුබද්ධ සිරියානු අල් නුස්රා සටන්කාමීන් සිරියාවේ ඉඞ්ලිබ් නගරය ඊයේ තම ග්‍රහණයට ගැනීමට සමත්වුණා. එය බටහිර දිග සිරියාවේ රජයේ හමුදා සතුව පැවති අවසන් ප්‍රධාන නගරයයි. කෙසේ නමුත්, සිරියානු රජය ප්‍රකාශ කළේ එහි තවමත් දරුණු ගැටුම් පවතින බවයි. තුර්කි දේශසීමාව ආසන්නයේ පවතින ඉඞ්ලිබ් නගරය ක්‍රමෝපාය අතින් වැදගත් නගරයක් ලෙසයි සැලකෙන්නේ. එමෙන්ම, එය පිහිටා
more

ජගත් පාපන්දුව කාටද?

No comments
ලෝක පාපන්දු ක්‍රීඩාවේ ප්‍රධානීන්ට ඇමෙරිකාව දූෂණ චෝදනා විභාගයක් ආරම්භ කර තිබියදී ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ තීරණාත්මක නිලවරණය අද පැවැත්වෙනවා. එය කල්දමන ලෙස ඉදිරිපත් වූ ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ ෆීෆා සභාපති සෙප් බ්ලැටර් කියා සිටියේ ඇතැම් පුද්ගලයන්ගේ ක්‍රියාමාර්ගවලට තමාට වගකිව නොහැකි බවයි. එවැනි දූෂණ සිදුව ඇත්නම් එය ලැජ්ජාවට පත්විය යුතු කරුණක් බවත් ඔවුන්ට එරෙහි ක්‍රියාමාර්ගවලට තමා
more

පොලිස්-නිලධාරින්ගේ-වැටුප්-ඉහළ-නැංවීමට-යෝජනාවලියක්.

No comments
පොලිස් නිලධාරීන්ගේ වැටුප් ඉහළ නැංවීම සඳහා යෝජනාවලියක් වැටුප් හා සේවක සංඛ්‍යාන කොමිසන් සභාව වෙත ඉදිරිපත් කර ඇති බව පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් ප්‍රකාශ කළා. අපරාධ විමර්ශනය සඳහා කැප වූ පොලිස් නිලධාරීන් සහ සිවිල් පුරවැසියන් පිරිසකට ත්‍යාග ප්‍රදානය කිරීමේ උත්සවයකට කොළඹ දී ඊයේ එක්වෙමිනුයි පොලිස්පතිවරයා මේ බව කියා සිටියේ. රුපියල් මිලියන 08 ක මුදලක් එහිදී ත්‍යාග
more

20 යි, විශ්වාසභංගයයි දෙකම ඕනේ – සන්ධානයේ මතය නිමල් කියයි.

No comments
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංග යෝජනාව සහ 20 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආ යුතු බවට ප්‍රතිපත්තිමය තීරණයක එක්සත් ජනතා නිදහස් සන්ධානය පසුවන බව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළා. විපක්ෂ නායක කාර්යාලයේ අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. මේ වනවිට මුදල් අමාත්‍ය
more
Sihasara Facebook