Monthly Archives: May 2015

දලයිලාමා තුමන්ගෙන් අවුන්සාන් සුකීට ඉල්ලීමක්.

No comments
මියන්මාරයේ රොහින්ග්‍යා මුස්ලිම්වරුන්ට සහය වීම සඳහා එක්වන්නැයි ටිබෙටයේ ආධ්‍යාත්මික නායක දලයිලාමාතුමා ඉල්ලීමක් කළා. මියන්මාරයේ පුරවැසිභාවය ප්‍රතික්ෂේප වී ඇති රොහින්ග්‍යාවරුන් දහස් ගණනක් දකුණෙන් වූ මලයාසියාව, ඉන්දුනීසියාව සහ තායිලන්තය ආදී රටවලට පලායාම පසුගිය දිනවල වාර්තාවුණා. කෙසේ නමුත් මැතිවරණය ආසන්න වී ඇති බැවින් රොහින්ග්‍යාවරුන් වෙනුවෙන් පෙනී සිටීමට එරට දේශපාලනඥයන් ඉදිරිපත් නොවන බව සඳහන්. මියන්මාරයේ බහුතරය බොදු
more

ගුවන-අඬයි.

No comments
අද දිනයේත් බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නිමල් බණ්ඩාර ඒකනායක කියා සිටියේ කඳුකර ප්‍රදේශවලට වර්ෂාවත් සමඟ ඇතැම් අවස්ථාවලදී තද සුළං ද ඇතිවිය හැකි බවයි.
more

ඉතාලියට යන 40 000 කට රැකවරණ.

No comments
ඉදිරි  දෙවසර තුළ ඉතාලියට පැමිණෙන සිරියානු සහ අප්‍රිකානු සංක්‍රමණිකයන් 40 000 කට තම සාමාජික රටවල රැකවරණ ලබාදීමට යුරෝපා සංගමය තීරණය කර තිබෙනවා. ඒ සඳහා එක් එක් රටවල් භාරගත යුතු සංක්‍රමණිකයන් සංඛ්‍යාවද මේ වනවිට සකස් කර අවසන්. යුරෝපා කොමිසමේ සැළසුම්වලට අනුව එලෙස වැඩිම සංක්‍රමණිකයන්පිරිසක් භාරගැනීම සිදුවන්නේ ජර්මනිය, ප්‍රශය සහ ස්පාඤ්ඤයටයි. කෙසේ නමුත් මෙම වැඩසටහනට
more

රෝගයෙන්-ලංකාවේ-7-ක්-මරුට.

No comments
ඉන්ෆ්ලූවෙන්සා ඒ.එච්.වන්.එන්.වන් රෝගය වැළදීමෙන් පුද්ගලයින් 7 දෙනෙකු වසරේ මේ දක්වා කාලය තුළ මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍යවරයා සඳහන් කළේ රෝගීන් 143 දෙනෙකු මේ වනවිට එම රෝගයට ගොදුරු වී ඇති බවයි. උණ, කැස්ස, උගුරේ වේදනාව, සොටු දියර ගැලීම, හිසරදය, පාචනය
more

නයිජීරියාවේදී-සන්නද්ධ-කණ්ඩායමක්-විසින්-පැහැරගත්-ශ්‍රී-ලාංකිකයා-බේරා-ගැනේ.

No comments
කප්පම් ඉල්ලා නයිජීරියාවේදී සන්නද්ධ කණ්ඩායමක් විසින් පැහැරගත් ශ්‍රී ලාංකික ඉංජිනේරු ඞී.ඒ. කරුණාදාස ඊයේ නිදහස් කර තිබෙනවා. ඔහුගේ දියණිය අප ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ නයිජීරියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා දුරකථනයෙන් ඒ බව තහවුරු කළ බවයි. වේයන්ගොඩ - මොට්ටුන්න ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි ඔහු පසුගිය 19 වැනිදා නයිජීරියාවේ ඔන්ඩෝ සහ කෝගී ප්‍රාන්ත මායිමේදී සන්නද්ධ කල්ලියක පැහැර
more
Sihasara Facebook