Monthly Archives: June 2015

සහීර් අබ්බාස් අයි.සී.සී සභාපති.

No comments
පාකිස්ථානයේ ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක සහීර් අබ්බාස් අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනයේ සභාපතිවරයා ලෙස පත් කර තිබෙනවා. බටහිර ඉන්දීය කොදෙව් - බාබේඩෝස් හි පැවැත්වෙන අයි.සී.සී වාර්ෂික සම්මේලනයේ තුන්වන දිනයේදී ඔහු එම තනතුරට පත් කෙරුණා. ක්‍රිකට් සම්මේලනයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන ඉන්දියාවේ එන්.සිරිනිවාසන් ප්‍රකාශ කළේ නව සභාපතිවරයා ක්‍රිකට් ක්‍රීඩාවේ සුහද තානාපතිවරයෙකු වනු ඇති බවයි.
more

අබ්දුල් කලාම් දිවයිනට.

No comments
ඉන්දියාවේ හිටපු ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් තුන්දින චාරිකාවක් සඳහා ඊයේ රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණියා. ආචාර්ය අබ්දුල් කලාම් අද ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ද මුණ ගැසීමට නියමිතයි.
more

සෞඛ්‍ය සේවය නගා සිටුවනවා – සාගල..

No comments
රටේ සෞඛ්‍ය තත්ත්වය කඩා වැටීම හේතුවෙන් රෝගීන් නොමිලේ පැවැත්වෙන සායනවලට පැමිණීම වැඩි වී ඇති බව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ඉකුත් දා මාතර - අකුරැස්ස - ගොඩපිටිය - ජේතවන රජමහා විහාරස්ථානයේ පැවති විශේෂඥ වෛද්‍ය සායනයකට එක්වෙමින්. එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ පසුගිය රජයෙන් කුඩම්මාගේ සැලකිල්ල ලැබුණු
more

ඝන අපද්‍රව්‍ය කළමනාකරණයට විධිමත් වැඩපිළිවෙළක් අවශ්‍යයි – ජනපති.

No comments
ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සදහා විධිමත් වැඩපිළිවෙළක් අවශ්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමට සහභාගි වෙමින්.
more

යහපාලනය දින 200 ඉක්මවලා – පාර්ලිමේන්තුව විසුරුවන්න – මහින්ද

No comments
යහපාලන ආණ්ඩුව දින 200 ඉක්මවා ඇති බැවින් හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයකට එළැඹෙන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ රජයෙන් ඉල්ලීමක් කරනවා. දියතලාව නගරයේ පසුගියදා පැවති ජනහමුවකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.
more
Sihasara Facebook