Monthly Archives: June 2015

සාකච්ඡාව සාර්ථකයි – ඩිලාන්.

No comments
ඉදිරි මහමැතිවරණය වෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර සම්බන්ධීකරණය කටයුතු සඳහා පත් කළ නිදහස් පක්ෂ සය පුද්ගල කමිටුව ඊයේ හිටපු ජනාධිතිවරයා හමුවුණා. මෙම සාකච්ඡාව සාර්ථක වූ බවයි අප ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ එම කමිටුවේ සාමාජිකයෙකු වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා කියා සිටියේ. more

මගීන් 510ක් රැගත් ගුවන් යානයක් කාර්මික දෝෂයකට ලක්වීමෙන් කටුනායකට හදිසියේ ගොඩබස්සවයි

No comments
ශ්‍රී ලංකාවට ඉහළ අහසේදි ලොව විශාලතම මගී ගුවන් යානයක් හදිසි කාර්මික දෝෂයකට ලක්වීමෙන් අද අළුයම 3.45ට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට හදිසියේ ගොඩබස්සවා තිබෙනවා. මෙලෙස කාර්මික දෝෂයකට ලක්ව ඇත්තේ එමිරේට්ස් ගුවන් සේවයට අයත් ලොව විශාලතම ගුවන් යානය ලෙසට හදුන්වන ඒ 380 ගුවන් යානයයි. මෙය ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට ඩුබායි බලා පියාසර කරමින් තිබූ බව
more

මෛත්‍රී – මහින්ද – සාකච්ඡා කළේ නැහැ – ජනපති මාධ්‍ය

No comments
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග ඊයේ සාකච්ඡාවක් පවත්වා ඇති බවට පළ වන වාර්තා ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රතික්ෂේප කරනවා. ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපතිවරයා අතර, කථානායක නිල නිවසේදී ඊයේ එවැනි සාකච්ඡාවක් පැවති බවට අද පළ වූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙනුයි ජනාධිපති මාධ්‍ය අංශය එම ප්‍රකාශය සිදුකළේ. ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ එවැනි
more

තමන්වත් කැඳවන්න – අග්‍රාමාත්‍යවරයාගෙන් කෝප් කමිටුවට අභියෝගයක් .

No comments
භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේදී සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් තමාගෙන්ද ප්‍රශ්න කරන ලෙස තමන් පාර්ලිමේන්තු කෝප් කමිටුවට අභියෝග කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. ඉතිහාසයේ ප්‍රථම වරට ලබාදෙන මෙම ආදර්ශය ඉදිරියට ගෙන යාම තමන්ගේ අරමුණ බවයි ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ. කොළඹ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.
more

“එළැඹෙන ආණ්ඩුවේ නායකයා හිටපු ජනපති මහින්ද”

No comments
එළැඹෙන ආණ්ඩුව පිහිටුවන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් බව හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම  පවසනවා. ඔහු මේ බව සදහන් කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සමග අද පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වෙමින්.
more
Sihasara Facebook