Monthly Archives: June 2015

ලක්ෂ 45ක රන් පිටකරන්න හදපු 9ක් මාට්ටු.

No comments
නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ චෙන්නායි බලා රැගෙන යාමට උත්සාහ කළ රන් තොගයක් සමඟ ඉන්දීය ජාතිකයන් 8 දෙනෙකු සහ ශ්‍රී ලාංකිකයෙකු ගුවන් තොටුපල රේගුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද  අලූයම 12.50 ට පමණ අත්අඩංගුවට ගත් මෙම පිරිස සිය ශරීරයේ සහ ගමන් මලූවල සඟවා මෙම රන්  පිට කිරීමට උත්සාහ කර ඇති බව සඳහන්. මොවුන් ළඟ තිබී සොයාගත්
more

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම 20 සම්මත කිරීමෙන් පසු

No comments
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනිම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව බව ආණ්ඩු පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළා. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සූදානමක් ඇති බවට දේශපාලන කරලියේ මේ දිනවල නිරන්තරයෙන් අසන්නට ලැබෙනවා. කෙසේ නමුත් විසිවන සංශෝධනය සම්මත කරන තුරු එය අවිනිශ්චිත කරුණක් වී ඇති බව අප අදහස් විමසූ ආණ්ඩු පක්ෂ ආරංචි මාර්ග වැඩිදුරටත් කියා
more

මත්ද්‍රව්‍ය ගෙන එන්නන් අතර රාජ්‍ය ආයතන දෙකක නිලධාරීන්.

No comments
මෙරටට මත්ද්‍රව්‍ය රැගෙන එන පුද්ගලයින් අතර ප්‍රධාන වශයෙන්  රජයේ ආයතන දෙකක නිලධාරීන් සම්බන්ධ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ  පැවති වානිජ මණ්ඩලයේ නිලධාරීන්ගේ හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ ඊට අදාළ තොරතුරු පසුගිය සතියේදී තමන් වෙත වාර්තා වූ බවයි. මේ අතර
more

තමා පාර්ලිමේන්තු කටයුතුවලට අත නොගසන බව ජනපති කියයි.

No comments
තමා පාර්ලිමේන්තුවේ කටයුතුවලට අත නොගසන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ ප්‍රකාශ කර තිබෙනවා. ඒ, එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති කාර්යාලයේදී ඊයේ හමුවෙමින්. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත පිළිබදව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බව ද නිදහස් සන්ධානයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු අප ප්‍රවෘත්ති අංශයට සදහන් කළා.
more

ඇමරිකාව, ජනාධිපතිවරුන් 3ක් ගැන ඔත්තු බැලූ බව විකිලීක්ස් හෙළිකරයි.

No comments
ඇමරිකාව, ප්‍රංශයේ රාජ්‍ය නායකයන් තිදෙනෙකු සම්බන්ධයෙන් ඔත්තු බැලූ බව විකිලීක්ස් අනාවරණය කර තිබෙනවා. ඒ අනුව ප්‍රංශයේ හිටපු ජනාධිපතිවරුන් වන ජැක් ෂිරාක්, නිකලස් සාර්කෝසි සහ වත්මන් ජනාධිපති ප‍්‍රංශුවා හොලාන්ඞ් පිළිබද ඔත්තු බැලූ බවටයි විකිලීක්ස් හෙළි කර ඇත්තේ. මෙම අනාවරණයත් සමඟ අද දිනයේ දී ප්‍රංශ ජනාධිපතිවරයා එරට ආරක්ෂක ප්‍රධානීන්ගේ විශේෂ හමුවක් ද කැදවා ඇති බව
more
Sihasara Facebook