Monthly Archives: July 2015

සාමකාමීව ඉදිරියට යා යුතුයි.

No comments
ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයක් සඳහා ගැටළු නිරාකරණය කර ගනිමින් සාමකාමීව ඉදිරියට යා යුතු බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. නීතියට අනුකූලව සිය පාලන තන්ත‍්‍රය හැසිරවීමට තමා අපේක්ෂා කරන බවයි අග‍්‍රමාත්‍යවරයා ප‍්‍රකාශ කලේ. සිවිල් සමාජ කි‍්‍රයාකාරිකයින් සමග එකගතා ගිවිසුමකට ඊයේ අත්සන් තබමින් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව ප‍්‍රකාශ කළා.
more

නීතියෙන් හෝ මායිම් වලින් රට බෙදිය නොහැකියි

No comments
නීතියෙන් හෝ මායිම් වලින් රට බෙදා වෙන් කළ නොහැකි බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරනවා. එකම රටක් ලෙස සිතා සියලූ දෙනා කටයුතු කළ යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. කිලිනොච්චිය ප‍්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ මේ බව කියා සිටියා. තමන්ගේ අයිතිවාසිකම් සමග නිදහසේ ජීවත් වීමට සෑම පුද්ගලයෙකුටම අයිතිය තිබිය
more

එක පිළයි එක රටයි – එජාපය වගේ කැඳහැළියක් නෙවෙයි.

No comments
“එක පිලයි එක රටයි” එම පිළ බවද හිටපු ජනාධිපතිවරයා හෙන්රිප්‍රේද්‍රිස් ක්‍රීඩාංගණයේදී  අද පෙරවරුවේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ‍එළිදැක්වීමේ උත්සවයට සහභාගි වෙමින් කියා සිටියේය. මාස 6ක් ඇතුළත නව ව්‍යවස්ථාවක් හඳුන්වා දෙන බවද, පවත්නා මැතිවරණ ක්‍රම වෙනුවට රටට නව මැතිවරණ ක්‍රම හඳුන්වා දෙන බවද, කියා සිටි මහින්ද රාජපක්ෂ මහතා ගම්සභා ක්‍රමය
more

චීනයේ මූල්‍ය වෙළඳපළ කඩා වැටීමක්.

No comments
lචීනයේ ෂැංහයි මූල්‍ය වෙළඳපළ අද තවදුරටත් පහත වැටී ඇති බව විදෙස් වාර්තා සදහන් කළා. ඊයේ එහි දර්ශක ඒකක 3670කින් එනම්, 1.3%කින් පහත වැටුණු අතර එය වසර 8කින් වාර්තා වූ විශාලතම අව ගමනයයි. මූල්‍ය වෙළඳපළ ස්ථාවරව පවත්වා ගැනීම සඳහා චීන මහබැංකුව යුවාන් බිලියන 50ක් වෙළදපළට එක්කර ඇති බව සදහන්. චීනයේ කාර්මික සහ නිෂ්පාදන අංශයේ
more

සන්ධානයේ මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය අද එළිදකී.

No comments
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය අද එළි දැක්වීමට නියමිතයි. ඒ, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ මෙහෙයුම් කමිටුවේ සභාපති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන්, කොළඹ, හෙන්රි පේද්‍රිස් කී‍්‍රඩාංගණයේදී. අනාගතයට සහතිකයක් යන මැයෙන් එළි දැක් වෙන එම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ, ඉදිරි කාලසීමාව තුළ රට ගොඩනැගීමේ වැඩපිළිවෙල අන්තර්ගතයි. ශ‍්‍රී ලංකාවේ සියළු ක්ෂේත‍්‍රයන් ආවරණය වන
more
Sihasara Facebook