Monthly Archives: July 2015

අලූත් රටක් වෙනුවෙන් එජාපය දිනවන්න – අගමැති.

No comments
අලූත් රටක් සහ අලූත් ගමක් බිහි කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය දිනවන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජනතාවගෙන් ඉල්ලීමක් කළා. ඒ, හැටන් නගරයේ ඊයේ  පැවැති ජන රැළියකට එක්වෙමින්. මෙවර මහ මැතිවරණය නිදහස් සහ සාමකාමීව පැවැත්වීම අලූත් රටක් නිර්මාණය කිරීමේ පළමු පියවර බව අග්‍රාමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළා. 

හෘද සාක්ෂියේ සම්මුතිය මහා නාහිමිවරුන්ට පිළිගැන්වේ

No comments
ජනතා විමුක්ති පෙරමුණේ හෘදසාක්ෂියේ සම්මුතිය මැතිවරණ ප්‍රකාශනය පක්ෂ නායක අනුර කුමාර දිසානායක විසින් අස්ගිරි සහ මල්වතු මහනාහිමිවරුන් වෙත අද පිළිගන්වනු ලැබුවා. ජනතා විමුක්ති පෙරමුණු නායකයා අස්ගිරි මහා විහාරයේදී අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සි නාහිහිමියන් මුලින් බැහැදැක තිබෙනවා. එම අවස්ථාවේදී මහා නාහිමියන් ප්‍රකාශ කර ඇත්තේ රටට ප්‍රබල විපක්ෂයක් අවශ්‍ය වන බවයි. අනතුරුව
more

කුලියාපිටිය සභාපති එජාපයට.

No comments
lකුලියාපිටිය ප්‍රාදේශීය සභාවේ ඊයේ  පැවති අවසන් සැසිවාරයේදී සභාපතිවරයා සහ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් සභා ගැබෙහි සිටියදී එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් සභා ගැබෙන් ඉවතට පැමිණීමත් සමඟ උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා. ඒ, ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන සම්පත් කැටවලගෙදර එක්සත් ජාතික පක්ෂයට එක්වීමට විරෝධය පළ කරමින්. කෙසේ වෙතත්, සිද්ධියෙන් අනතුරුව ප්‍රවෘත්ති අංශය වෙත අදහස් පළ කරමින්
more

“දින 100න් සංවර්ධනය ඇණහිිටියා”

No comments
වත්මන් ආණ්ඩුවේ දින 100 වැඩපිළිවෙල තුළින් සංවර්ධනය ඇණ හිටි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ඊයේ වීරකැටිය ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින්. එහිදී හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ තම පාලන සමය තුළ සිදුකරගෙන ආ වැඩපිළිවෙල මුළුමනින්ම ඇණ හිට ඇති බවයි. 

පිරිහෙන සමාජය සුවපත් කරන්න ආගමික ස්ථානවලට පුළුවන්

No comments
පිරිහි යන සමාජය සුවපත් කිරීමට ආගමික ස්ථාන වැඩි වැඩියෙන් නඟාසිටුවන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ භික්ෂුන් වහන්සේට, පියතුමන්ට, පූජකතුමන්ට යහපත් සමාජයක් ගොඩනැඟීමට විශාල කාර්ය භාරයක් ඉටු කළ හැකි බවයි. මාවනැල්ල, උඩුමුල්ල, රුවන්පුර ශ්‍රී නිග්‍රෝධාරාම විහාරස්ථානයේ අභිනව බුද්ධ ප්‍රතිමා වහන්සේගේ නේත්‍රා ප්‍රතිෂ්ඨාපන  පූජෝත්සවයට එක්වෙමින් ඊයේ පස්වරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන
more
Sihasara Facebook