මීරියබැද්දේ මෙහෙයුම් අත්හිටුවයි………………..

No comments


10624808_398589373632150_6939805228970456876_nහල්දුම්මුල්ල, මීරියබැද්ද වත්ත ප්‍රදේශය නායයෑම හේතුවෙන් ක්‍රියාත්මක කර තිබු මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවා ඇති බව ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 


අයහපත් කාලගුණය මෙහෙයුම් නතර කිරීමට හේතුවක් වී ඇති බවත්, නැවතත් හෙට(30) දිනයේ  මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවත් ඒ මහතා පැවසුවේය. 

නායයෑමට ලක් වූ අදාළ ප්‍රදේශයේ වතු නිවාසවල පුද්ගලයින් 330ක් පමණ පිරිසක් ජීවත්ව සිටි බවට අද(28) පස්වරුවේ සිදුකරන ලද සමීක්ෂණයකින් අනතුරුව තහවුරු වු බවද ඒ මහතා අවධාරණය කර සිටියේය. 

එසේම එම පුද්ගලයින්ගෙන් එකසිය පනහක පමණ පිරිසක් පස් කන්දට යට වී ඇති බවට නිල නොලත් වශයෙන් වාර්තා වන බව මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් පැවසුවේය. 

අද(29)  උදෑසන හල්දුමුල්ල, මීරියබැද්ද ප්‍රදේශයේ සිදුවු නායයෑම හේතුවෙන් දැනට පුද්ගලයින් දස දෙනෙකුගේ මළ සිරුරු සොයා ගෙන ඇති බවට වාර්තා වෙයි. 

එසේම ත්‍රිවිද හමුදාවේ 500 ක් පමණ ‍සෙබළුන් පිරිසක් අදාළ ප්‍රදේශයේ මෙහෙයුම් කටයුතු සඳහා යොදවා තිබේ.


No Comments Yet.

Leave a comment

Sihasara Facebook