ජනපතිවරණයට අපේක්ෂකයින් 19 දෙනෙකු තරඟ බිමේ……………….

No comments

1578153241Vote-Ballot-Box---31068500

ශ‍්‍රී ලංකාවේ 7 වන ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම අද  පෙරවරු 9 ට ආරම්භ වී පෙරවරු 11 ට අවසන් වුණා. අපේක්ෂකයින් 19 දෙනෙකු අද දිනයේ සිය නාමයෝජනා පත‍්‍ර භාරදුන්නේ දේශපාලන පක්ෂ 17 කින් සහ ස්වාධීන කණ්ඩායම් දෙකකින්.

නාමයෝජනා භාරදීම හේතුවෙන් මැතිවරණ මහ ලේකම් කාර්යාලය අවට ආරක්ෂාව තරකර තිබූ අතර ඇප මුදල් තැන්පත් කළ අපේක්ෂකයින් පෙරවරු 9 සිට නාමයෝජනා භාරදීම සඳහා මැතිවරණ මහ ලේකම් කාර්යාලය වෙත පැමිණියා.   නාමයෝජනා භාරදීම සිදුවන අතරතුර මැතිවරණ කොමසාරිස්වරයා අපේක්ෂකයන්ට දැනුම්දුන්නේ නාමයෝජනා භාරදීම මෙන්ම භාරදුන් නාමයෝජනා පිළිබඳ විරෝධතා ඉදිරිපත් කිරීමටද හැකියාව පවතින බවයි.

පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන පෙරවරු 9 යි 10 ට පමණ සිය නාමයෝජනා  භාරදීම සඳහා මැතිවරණ මහ ලේකම් කාර්යාලයට පැමිණි අතර ඔහු සිය නාමයෝජනා පත‍්‍රය භාරදුන්නේ පෙරවරු 10 යි 5 ට යෙදී තිබුණු සුබ මොහොතින්.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නාමයෝජනා භාරදීම සඳහා මැතිවරණ මහ ලේකම් කාර්යාලයට පැමිණියේ පෙරවරු 10 යි 29 ට යි. ඔහු පෙරවරු 10 යි 48  ට යෙදී තිබූ සුබ මොහොතින් සිය නාමයෝජනා පත‍්‍රය මැතිවරණ කොමසාරිස්වරයා වෙත භාරදුන්නා.


No Comments Yet.

Leave a comment

Sihasara Facebook