බදියුදීන් සහ අලීගේ සහාය මෛත‍්‍රීට…………………….

No comments

10411232_805563386170588_8292883138203519802_n

හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා නායකත්වය දරණ සමස්ත ලංකා මහජන කොංග‍්‍රසය ආණ්ඩුවෙන් ඉවත්ව පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට තීරණය කළා.

අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා කියා සිටියේ අද පෙරවරුවේ රැස්වූ පක්ෂයේ නියෝජිතයන් මෙම තීරණයට එළඹි බවයි.

මේ පිළිබදව දැනුම් දීම සඳහා පොදු විපක්ෂය කොළඹ දී අද මාධ්‍ය හමුවක් සංවිධාන කර තිබූ අතර ඊට අමාත්‍යවරයාට අමතරව පසුගිය දා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන් අමීර් අලි මහතා ද එක්ව සිටියා.

මේ අනුව සමස්ත ලංකා මහජන කොංග‍්‍රසය නියෝජනය කරන පළාත් සභා මන්ත‍්‍රීවරුන් 7 දෙනෙකු සහ පළාත් පාලන ආයතන නියෝජිතයන් 69 දෙනෙකු පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට එක්ව සිටිනවා.  


No Comments Yet.

Leave a comment

Sihasara Facebook