ඇමති මුතුහෙට්ටිට ඇප………………

No comments

a2d776612246d598c744792a62711a11_L

වදුරඹ පොදු අපේක්ෂක වේදිකාවට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි සැකකරුවන් තුන්දෙනෙකු බලහත්කාරයෙන් පැහැරගෙන යාම පිළිබද චෝදනා ලැබූ නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතාට අද ඇප නියම කෙරුණා.

අධිකරණයෙන් වරෙන්තු ලැබ සිටියදී සිංගප්පූරුව බලා ගිය නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම ඊයේ නැවතත් ශ‍්‍රී ලංකාවට පැමිණෙන අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගැනුණා.

ඔහු ඊයේ මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත රැගෙන ගිය අතර ලබන 30 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා.

නියෝජ්‍ය අමාත්‍ය මුතුහෙට්ටිගම මහතාට අද ඇප නියම කෙරුණේ බද්දේගම මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එහිදී ඔහුට ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කෙරුනු අතර මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේ නියෝජ්‍ය අමාත්‍ය මුතුහෙට්ටිගම මහතාට බද්දේගම අධිකරණ කලාපයේ පොලිස් ස්ථාන 8ටම ඇතුලූවීම තහනම් වන බවයි.

එමෙන්ම ඔහුගේ විදේශ ගමන් බලපත‍්‍රය ද අධිකරණය භාරයට ගැනුණා.


No Comments Yet.

Leave a comment

Sihasara Facebook