අතුරුදන් යානය ගැන ඉගියක්………………

No comments

AIR_ASIA_STUDY_AIRPLANE_HERO_1980x1112px

පුද්ගලයින් එකසිය හැට දෙදෙනෙකු සමග අතුරුදන්වූ ගුවන් යානය ඉන්දුනීසියාවට ආසන්න මුහුදු පතුලේ ඇති බව ඉන්දුනීසියානු සෝදිසි කිරීමේ සහ මුදාගැනීමේ ඒජන්සිය ප‍්‍රකාශ කළා.

කෙසේ නමුත් ගුවන් යානයේ කිසිදු කොටසක් මේ වනතෙක් සෝදිසි මෙහෙයුම්වල නිරතවූවන්ට හමුවී නොමැති බවයි ඉන්දුනීසියානු බලධාරීන් ප‍්‍රකාශ කළේ. 

අතුරුදන්වූ ගුවන් යානය සෙවීමේ කටයුතු දෙවන දිනටත් අද දිනයේත් ක‍්‍රියාත්මකයි.

ඉන්දුනීසියාවේ එයාර් ඒෂියා සමාගමට අයත් මෙම ගුවන් යානය ඊයේ උදෑසන අතුරුදන්වූයේ ඉන්දුනීසියාවේ සිට සිංගප්පූරුව බලා පියාසර කරමින් සිටියදියි.

එය ඉන්දුනීසියාවේ කලිමන්තාන් සහ ජාවා දිවයින් අතර ඉහළ අහසේදී අනතුරට ලක්වුණා. 


No Comments Yet.

Leave a comment

Sihasara Facebook