පාර්ලිමේන්තුවේ විපක්ෂනායක දිනේෂ් ගුණවර්ධන………………..

No comments

dinesh gunawardana

මහජන එක්සත් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා කළ යුතු බව හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ පළාත් සභා මන්ත‍්‍රී උදය ගම්මන්පිළ යන මහත්වරුන් පැවසුවා.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා කියා සිටියේ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් පිරිසක් ආණ්ඩුවේ අමාත්‍ය ධුර භාර ගැනීමත් සමඟ ඇතිව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරියේදී යෝජනාවක් කිරීමට බලාපොරොත්තු වන බවයි.

ඒ පිළිබඳ කථානායකවරයා ගන්නා තීරණයට අනුව යෝජනාව සකස් කෙරෙන බව පිවිතුරු හෙළ උරුමය කොළඹ අද සංවිධාන කළ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියා.

ජනාධිපති, බලය හිතුවක්කාරී ලෙස යොදා ගනිමින් පාර්ලිමේන්තු බලය යටපත් කර ඇති බවට ද  මන්ත‍්‍රීවරයා මෙහිදී චෝදනා කළා.


No Comments Yet.

Leave a comment

Sihasara Facebook