ජනතා පොරොන්දුවද මේ?- හිටපු ජනපති.

No comments

lanka-election-mahinda-rajapaksa

19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතු බවට ඇතුළත් වූ යෝජනාව සුබවාදී ලක්ෂණයක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පිරිසක් සමඟ නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ දී හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ  සාකච්ඡාවක් පැවැත්වුණා. දීර්ඝ කාලීන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා විද්වතුන්ගේ හා උගතුන්ගේ හඬ නමින් එහිදී නව සංවිධානයක්ද පිහිටුවාගෙන තිබෙනවා. සාකච්ඡාව නිමාවී ඉන් පිටතට පැමිණෙන අවස්ථාවේදී මාධ්‍යවේදීන් 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගෙන් විමසා සිටියා. එම අවස්ථාවේදී අදහස් පළ කරමිනුයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ බව සඳහන් කළේ.


No Comments Yet.

Leave a comment

Sihasara Facebook