ජපාන – බුලට් දුම්රියේ ගින්නක්

No comments

ජපානයේ හොන්ෂු සහ කියුෂු දූපත් අතර පැයට කිලෝමීටර් 320 ක වේගයෙන් ධාවනය කරන ෂින්කන්සෙන් අධිවේගී දුම්රියක අද උදෑසන ගින්නක් ඇතිවී තිබෙනවා. එහිදී පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. දුම්රියේ ගමන් ගත් පුද්ගලයෙකු සිය සිරුරට තෙල් වර්ගයක් වත්කරගෙන ගිනි තබාගෙන ඇති අතර, ඉන් අනතුරුවයි බුලට් දුම්රියේ මැදිරියක ගින්නක් හට ගෙන ඇත්තේ. අනතුරු රහිතව නිශ්චිත වේලාවට ගමන් කිරීම ගැන ප‍්‍රකට බුලට් දුම්රිය සේවාව ජපානයේ ඉතා ජනප්‍රිය බව සඳහන්.


No Comments Yet.

Leave a comment

Sihasara Facebook