එක්ස්ටසි මත්පෙති අලෙවි කළ පුද්ගලයා මගේ ලේකම් නොවේ.

No comments

කොළඹ කොටුව ලෝක වෙළඳ මධ්‍යස්ථානය අසල එක්ස්ටසි නමැති මත්පෙති අලෙවි කරමින් සිටියදී පසුගියදා අත්අඩංගුවට ගැනුණු තරුණයා තමන්ගේ සම්බන්ධීකරණ නිලධාරියෙකු නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා. උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළේ අදාළ තරුණයා තම කාර්යාලයේ පරිගණක අංශයේ කටයුතුවලට සම්බන්ධ වූ අයෙකු බවයි. අදාළ මත් පෙති සමඟ අත්අඩංගුවට ගත් තරුණයන් 4 දෙනාගෙන් එක් අයෙකු රතන හිමියන්ගේ සම්බන්ධීකරණ නිලධාරියෙකු බව පැවසීයැයි සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශයේ සුරාබදු පරීක්ෂක තිලක් කුමාර දිසානායක සඳහන් කළා.

ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ඊයේ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එහිදී අදහස් පළ කළ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් කියා සිටියේ මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණක් පැවැත්වීමට පොලිසිය වග බලාගත යුතු බවයි.


No Comments Yet.

Leave a comment

Sihasara Facebook