මැතිවරණයට පොලීසියෙන් මෙහෙයුම් පද්ධතියක්.

No comments

මැතිවරණ මෙහෙයුම් පද්ධතියක් මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.

මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණි නවරත්න මහතා සඳහන් කළේ පාර්ලිමේන්තුව විසුරුවාහැර මැතිවරණයක් කැඳවු පසු දින සිටම මෙම මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක කළ බවයි.

මැතිවරණයට අදාළ පැමිණිලි භාරගැනීම සහ ඒ පිළිබඳ විමර්ශනය කිරීම මෙම මෙහෙයුම් පද්ධතිය හරහා සිදුවෙයි.

කෙසේවෙතත් මැතිවරණ කොමසාරිස්වරයා සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් අතර ඉදිරි දිනවලදී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

ඉන් අනතුරුව නිල වශයෙන් මැතිවරණ කටයුතු සිදුකිරීමට සැලසුම් කර ඇති බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.

මැතිවරණය සඳහා පොලිස් නිලධාරීන් යෙදවීම සම්බන්ධයෙන් සහ නාමයෝජනා භාරදීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් රාජකාරී කටයුතුවලට යෙදවීම පිළිබඳව ඉදිරි දිනවලදී සාකච්ඡා කිරීමට නියමිතව ඇත.


No Comments Yet.

Leave a comment

Sihasara Facebook