ජනපති මෛත්‍රීපාල ඝාතනය කළ හැකියි – පුරවැසිබලය.

No comments

මෙවර මැතිවරණයේදීද ජාත්‍යන්තර බලවේග ක්‍රියාත්මක බවට ජාතික වෘත්තික එකමුතුව චෝදනාවක් එල්ල කළා. මෙගා සංවර්ධනය, රටේ ඉදිරිය සහ මෙගා මිත්‍යා මැයෙන් කොළඹ ඊයේ  පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ශාන්ත හෙන්නායක මේ බව කියා සිටියා.

මේ අතර, ජනවාරි 08 ව්‍යාපාරයේ ජයග්‍රහණය යළිත් හැරවීමට කිසිදු අවස්ථාවක් නොමැති බව ආචාර්ය ජයම්පති වික්‍රමරත්න සඳහන් කරනවා. ලංකා සම සමාජ පක්ෂ – කොමියුනිස්ට් පක්ෂ වමේ එකතුව කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

කෙසේ වෙතත්, ජාතික වෘත්තික එකමුතුව ඊයේ කොළඹ දී සම්මන්ත්‍රණයකට එක්වු වරලත් ඉංජිනේරු කපිල පීරිස් සඳහන් කළේ වර්තමානයේ කියවෙන යහපාලනය අපට අයත් නොවන දෙයක් බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයෙන් පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඝාතනය කිරීමේ හැකියාවක් පවතින බවට පුරවැසි බලය සංවිධානය අනතුරු අඟවනවා. එම සංවිධානය පසුගියදා නුගේගොඩ සංවිධාන කර තිබූ ජනහමුවකට එක්වෙමින් ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂ ධර්මසිරි බණ්ඩාරනායක මේ බව ප්‍රකාශ කළා.


No Comments Yet.

Leave a comment

Sihasara Facebook