දිවුරුම්දීම් කල්යන ලකුණු

No comments

නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුදීම අදියර කිහිපයක් යටතේ සිදුකිරීම කෙරෙහි එක්සත් ජාතික පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ  අවධානය යොමුව තිබේ.

ඒ අනුව අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම ලබන බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල සිදුවනු ඇති බව වාර්තා වෙයි.

අමාත්‍ය ධුර පිරිනැමීම සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳ පක්ෂ දෙකෙහි ලේකම්වරුන් අතර ඊයේ පස්වරුවේ ද විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණි.

මේ වන විට අදාළ ගැටලු බොහෝ දුරට විසඳී ඇති බව  එක්සත් ජාතික පක්ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
 
අද පස්වරුව වන විට ඒ සම්බන්ධයෙන් වන අවසන් එකඟතාව ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.


No Comments Yet.

Leave a comment

Sihasara Facebook