පාර්ලිමේන්තු‍ව හෙට රැස්වෙයි – කොමිෂන් සභා පිහිටුවීම මෙම සතියේදී

No comments

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කොමිෂන් සභා පත්කිරීමේ කටයුතු මෙම සතිය තුළදී සිදු වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.ඒ අනුව කොමිෂන් සභා 10 ක් පත් කිරීමට නියමිතයි.

ව්‍යවස්ථාදායක සභාව සඳහා මේ වන විට සාමාජිකයින් යොජනා කර ඇති අතර සිවිල් සමාජිකයින් තිදෙනා සඳහා පාර්ලිමෙන්තු අනුමැතිය ලබා ගැනීමට ඔවුගේ නම් හෙට දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ආචාර්ය ඒ.ටී ආරියරත්න, ආචාර්ය රාධිකා කුමාරස්වාමි සහ සිබ්ලි අෂිස්  යන මහත්ම මහත්මින් මේ වන විට ව්‍යවස්ථාදායක සභාවට යෝජනා කර ඇත.

මොවුන්ගේ නම් හෙට දිනය තුළ පාර්ලිමේන්තුවේ සම්මතවීමෙන් අනතුරුව හෙට පස්වරුවේ 10 දෙනෙකුගෙන් සමන්විත ව්‍යවස්ථාදායක සභාව ප්‍රථමවරට රැස්වන බව නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා සඳහන් කළේය.

ඉන් අනතුරුව කොමිෂන් සභා පත් කිරීම සඳහා අවසන් තීරණයකට එළඹෙනු ඇති බව ද හෙතෙම පැවසීය.


No Comments Yet.

Leave a comment

Sihasara Facebook