“මැතිවරණ දැන්වීම්වල වගකීම පක්ෂය දැරිය යුතුයි” – හිටපු ජනපති

No comments

ජනාධිපතිවරණ සමයේ රාජ්‍ය මාධ්‍ය ආයතනයක් ඔස්සේ විකාශය කළ දැන්වීම්වලට අදාළ මුදල් ගෙවීම පක්ෂය සතු වගකීමක් බව හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පවසනවා.  

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා බරපතල වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසමේ නිලධාරින් ඊයේ  පස්වරුවේ නුගේගොඩ – මිරිහාන ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට පැමිණියා.  ජනාධිපතිවරණ සමයේ රජයේ මාධ්‍ය ආයතනයක් ඔස්සේ විකාශය කළ දැන්වීම්වලට අදාළ මුදල් නොගෙවීම සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ සඳහා ප්‍රකාශයක් ලබාගැනීමට පැමිණෙන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට බරපතල වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසම දැනුම්දී තිබුණේ පසුගිය 17 වනදායි.


No Comments Yet.

Leave a comment

Sihasara Facebook