ලොව පුරා සිටින මුස්ලිම් ජනතාව අද හජ්ජි උත්සවය සමරයි

No comments

ලොව පුරා සිටින මුස්ලිම් ජනතාව අද ඊදුල්- අල්හා නොහොත් හජ්ජි උත්සවය සැමරීම සිදුකරනවා. හජ්ජි යනු අල්ලාහ් දෙවියන් වෙනුවෙන් කරනු ලබන පරිත්‍යාගයේ උතුම් බව පසක් කරමින් මුස්ලිම් බැතිමතුන් මහත් භක්තියෙන් සමරනු ලබන උත්සවයක්.  එමෙන්ම මුස්ලිම් ජනතාවගේ එකමුතුභාවයේ හරය සංකේතවත් කරන්නේද හජ්ජි උත්සවයෙන්.

හජ්ජි උත්සවය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනද සුබපැතුම් එක් කර තිබෙනවා. ජනාධිපතිවරයා සඳහන් කළේ සියලූ මුස්ලිම් ජනතාවගේ යාඥාවන්, දියුණුව – එකමුතුබව සහ සියල්ලන්ට ගරු කෙරෙන සාමය වෙත බවට සැකයක් නොමැති බවයි. අන්‍ය ජන කොටස් සමඟ සුහදශීලීව වෙසෙන ශ්‍රී ලංකාවාසී මුස්ලිම් ප්‍රජාව තුළින් දකිනුයේ අන්‍යයන්ට ගරු කරන, එකමුතුවට ලැදි ජන සමූහයකගේ මිත්‍රශීලී සබඳියාවේ ගති ලක්ෂණයන් බවයි ජනාධිපතිවරයා හජ්ජි උත්සවය වෙනුවෙන් නිකුත් නිවේදනයේ සඳහන් වන්නේ.


No Comments Yet.

Leave a comment

Sihasara Facebook