දේශීය – දළදා මාළිගාව ඉදිරිපිට ගැටුම්

No comments

dalada maligayaදළදා මාළිගය අසලින් දිවෙන දැනට වසා දමනු ලැබ ඇති මහනුවර – මහියංගනය මාර්ගය විවෘත කරන ලෙස ඉල්ලා සිටිමින් අද (19) දහවල් පැවති මහජන උද්ඝෝෂණය ගැටුමකින් නිම විය.

වසා දමනු ලැබ ඇති මාර්ගය විවෘත කරන මෙන් ඉල්ලා සිටීමේ උද්ඝෝෂණ ව්‍යාපාරය සංවිධානය කරනු ලැබ තිබුණේ මහනුවර පරිසර සහ සෞඛ්‍යය සුරැකීමේ සංවිධානය විසිනි.

මහනුවර බූවැලිකඩ මංසන්ධියේ දී ඔවුන්ගේ විරෝධතා ව්‍යාපාරය ආරම්භ කෙරුණ අතර අනතුරුව සිවිල් සංවිධාන ක්‍රියාධරයන් සහ ප්‍රදේශවාසීන්ගෙන් යුත් තුන්සීයක පමණ කණ්ඩායමක් පාගමනින් පැමිණෙමින් සිටියදී මාර්ගය විවෘත කිරීමට එරෙහි කණ්ඩායමක් ධර්මපාල මාවතේ දී මුහුණට මුහුණලා හමු වීමෙන් පසුවයි ගැටුම ආරම්භ වී තිබෙන්නේ.

ගැටුමට මැදි වූ පුද්ගලයෙක් රෝහල්ගත කෙරුණ බවත් වාර්තා වෙයි.


No Comments Yet.

Leave a comment

Sihasara Facebook