විදේශීය – ස්ත්‍රී දූෂක රණවිරුවන් දෙදෙනෙකුට වසර 360 ක සිර දඬුවම්

No comments

ගෝතමාලාවේ මුල් පදිංචිකාර කාන්තාවන් දූෂණය කිරීම සහ ඔවුන් වහල් භාවයේ රඳවා ගැනීමේ චෝදනා වලට වරදකරුවන් වූ හිටපු හමුදා ප්‍රධානීන් දෙදෙනෙකුට එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර තුන්සිය හැටක සිර දඬුවමක් නියම කරනු ලැබුණි.

1980 දශකයේ ගෝතමාලා හමුදා නැගිටීමේදී සොල්දාදුවන් විසින් සිදු කරනු ලැබූ ලිංගික අඩන්තේට්ටම් වලට එරෙහිව ගොනු කෙරුණු චෝදනා ඔප්පු වූ පළමු වතාව මෙයයි.

එවකට ගෝතමාලා ප්‍රධාන හමුදා කඳවුරක අණදෙන නිලධාරීවරයාව සිටි ‘හෙරිබෙතෝ වල්දෙස් අසිජ්’ (Heriberto Valdez Asij) විසින් කෑම පිසීම, බැරැක්ක පිරිසිදු කිරීම වැනි කටයුතු සිදු කිරීමට බලහත්කාරයෙන් මුල් පදිංචිකාර කාන්තාවන් යොදවනු ලැබ ඇති බව අධිකරණයේ දී හෙළි විය.


No Comments Yet.

Leave a comment

Sihasara Facebook