යළි මෙවන් සිද්ධීන් ඇතිනොවීමට වග බලාගත යුතුයි. – කෙහෙළිය පවසයි……

No comments

Minister-Keheliya-Rambukwella-lookatvietnamcomඅලූත්ගම සිද්ධිය සම්බන්ධයෙන් සියලූ ආගමික සහ දේශපාලන නායකයින් කැඳවා ඔවුන්ගෙන් යෝජනා ලබාගෙන කටයුතු කළ යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, අමාත්‍ය විමල් වීරවංශ මහතා පවස
නවා.

කොළඹ ඊයේ  පැවති සම්මන්ත‍්‍රණයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ සියලූ ආගමික සහ දේශපාලන නායකයින් එක්ව කරන මෙම සාකච්ඡාවෙන් මෙවැනි ගැටලූ සඳහා ස්ථිර විසඳුමක් ලබා ගත හැකි බවයි.

අලූත්ගම සිද්ධිය පිළිබඳව කොළඹ ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල  මහතාද මෙලෙස අදහස් පළ කර සිටියා.

විවිධ ජාතීන් ජීවත් වන සමාජයක මෙවැනි ගැටුම් ඇතිවීම සාමාන්‍ය සිද්ධියක් වුවත් යළිත් මෙවැනි සිද්ධීන් ඇති නොවීමට වගබලා ගැනීම සෑම පාර්ශවයකම වගකීමක් බවයි ඔහු එහිදී පෙන්වා දුන්නේ.


No Comments Yet.

Leave a comment

Sihasara Facebook