1500 ඉක්මවයි………………………

No comments

windදිවයිනේ ප‍්‍රදේශ කිහිපයකට බලපෑ තද සුළං තත්ත්වය හේතුවෙන් හානි වූ නිවාස සංඛ්‍යාව 1603 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වැලිමඩ – වංගියකුඹුර ගොවිපළක සේවය කරමින් සිටි පුද්ගලයෙකු තද සුළං තත්ත්වය හේතුවෙන් ගසක් කඩාවැටී ජීවිතක්ෂයට පත්වුණා.

මීට අමතරව ඌව පරණගම ප‍්‍රදේශයේ ගසක අත්තක් කඩා වැටී එයට යටවීමෙන් පුද්ගලයින් තුන්දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ජාතික ආපදා කළමනාකරන මධ්‍යස්ථානය සඳහන් කළේ සුළං හේතුවෙන් ප‍්‍රදේශ කිහිපයක පුද්ගලයන් 850 දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් පීඩාවට පත්ව ඇති බවයි.

මේ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඉදිරි පැය 24 තුළ දිවයිනට බලපා ඇති  තද සුළං තත්ත්වයේ අඩුවීමක් දක්නට ලැබෙන බවයි.


No Comments Yet.

Leave a comment

Sihasara Facebook