මහේල ටෙස්ට් පිටියෙන් සමුගනියි……………………..

No comments

mahelaසුපිරි ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් සමුගැනීමට අදාළ ලිපිය බාරදී තිබෙනවා. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාට එම ලිපිය බාරදී ඇති බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා. 

ඒ අනුව එළඹෙන දකුණු අප්‍රිකානු හා පකිස්ථාන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියෙන් අනතුරුව තමන් ටෙස්ට් පිටිය හැරයන බව හෙතෙම දැනුම්දී ඇති බව සඳහන්. 

තමන් වසර 18 ක් තිස්සේ ශ්‍රී ලංකාව වෙනුවෙන් හැකි උපරිම අයුරින් ගෞරවාන්විතව ක්‍රීඩා කළ බවත්, සමුගැනීමේ නිශ්චිත මොහොත උදාවී ඇතැයි කල්පනා කරන බැවින් මෙලෙස විශ්‍රාමයාමට තීරණය කළ බවත් මහේල ජයවර්ධන විසින් පෙන්වාදෙනවා.


No Comments Yet.

Leave a comment

Sihasara Facebook