ඔබාමා, ප‍්‍රසාද් හමුවක්…….

No comments

MIDEAST-UN-CONFLICT-RIGHTSඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා සහ ඇමරිකාවේ නව ශ‍්‍රී ලංකා තානාපති ප‍්‍රසාද් කාරියවසම් අතර හමුවක් අද (15) සිදුවන බව එරට මාධ්‍ය සඳහන් කළා.

ඔබාමා දිනය ලෙස නම් කෙරුණු මෙම දිනයේදී ඇමරිකානු නායකයා එරට නව සංවර්ධන ව්‍යාපෘති පරීක්ෂා කරන අතර නව තානාපතිවරුන් ද පිළිගනු ලබනවා.

රාමසාන් උත්සවයේ නිමාව සලකුණු කරන ඉෆ්තාර් රාත‍්‍රී භෝජන සංග‍්‍රහය ද පැවැත්වෙන්නේ ඇමරිකාවේ සඳුදා රාත‍්‍රියේ එනම් ශ‍්‍රී ලංකාවේ වේලාවෙන් අද දිනයි.

ජනාධිපති ඔබාමා, ධවල මන්දිරයේදී නව තානාපතිවරුන් වෙතින් අක්තපත‍්‍ර භාර ගැනීමට නියමිතයි.

ජනාධිපති ඔබාමා සහ ඇමරිකාවේ නව ශ‍්‍රී ලංකා තානාපති ප‍්‍රසාද් කාරියවසම් අතර හමුව යොදා ඇත්තේ ඔහු එහිදී හමුවන දෙවන රාජ්‍ය තාන්ත‍්‍රිකයා ලෙසයි.


No Comments Yet.

Leave a comment

Sihasara Facebook