Our Programs

ජය ශ්‍රී ලංකා – හදවතින් ඔබ මව්බිමට එන වෙලාව

හදවතේ රැදුන ලෙන්ගතුකම, අපේකම අරගෙන දොරට වඩින සිංහ දනව්ව ලංකාවේ වෙලාවෙන් උදෑසන 9.00 ඉඳන් ඔබට අහන්න පුලුවන්. දවසේ වගතුග, පලාඵල වලටත් වැඩි ඉඩකඩක් වෙන් වෙන්නේ ජය ශ්‍රී ලංකා තුලින්. පැය තුනක් පුරාවට ඔබ හා ලෙන්ගතුව රැඳෙන්නට අප සූදානම්.

සිහසර ප්‍රවෘත්ති – විශ්වාසයේ නිර්පාක්ෂික පුවත් වාර්තාකරණය

සත්‍ය සටහනක නිර්පාක්ෂික පුවත් වාර්තාකරණය සිහසර ප්‍රධාන ප්‍රවෘත්ති, ලංකාවේ වෙලාවෙන් පස්වරු තුනේ සිට පහ දක්වාත් රාත්‍රි නවයේ සිට එකොළහ දක්වාත් විකාශය වෙනවා.සිහසර ප්‍රධාන පුවත් ප්‍රකාශයට අමතරව දවසේ ජාතික පුවත්පත් තොරතුරු මෙන්ම විවිධ රූපවාහිනි නාලිකා පුවත් වාර්තා කළ ආකාරය ද මේ තුළින් ඔබට දැනගන්නට පුළුවන්.

රටවිරු   කොදෙව්ව – ඔබ අප හමුවන සොදුරු නවාතැන

ලංකාවෙන් ගව් ගාණක් ඈතින් ඉන්න ඔබ වෙනුවෙන් වෙන්වුණ ඔබේම පාරාදීසය, රටවිරු කොදෙව්ව.ලංකාවේ වෙලාවෙන් රාත්‍රී 8.00 සිට විකාශය වෙනවා. දුක සතුට සෙනෙහසින් බෙදාගන්න නිරන්තර අවදියෙන් ඉන්න මේ කාල හෝරාව ඔබේ ජිවිතයට ගොඩක් ලෙන්ගතුයි, ආදරෙයි. රටවිරු කොදෙව්වෙන් සතියේ දින හතරක්ම ඔබේ ජිවිතයට කතා කරන වැඩසටහන් කිහිපයක පෙළ ගැස්මක්.

සදුදා – තාරකා පෙළහර

අගහරුවාදා – මතක මංසල

බදාදා – රටින් රටට

බ්‍රහස්පතින්දා – පොර පිටිය

සිංහ අඩවිය –  හදවත ඉල්ලන හොදම දේ අපෙන්

නිසැකයෙන්ම විදෙස්ගත ශ්‍රී ලාංකීකයින් වැඩිම පිරිසක් සිහසරට සවන් දෙන වෙලාව, සිංහ අඩවිය.ලංකාවේ වෙලාවෙන් රාත්‍රී  එකොළහ සිට අළුයම තුන දක්වා ගුවන් කාලය තුළ ඔබේ ඕනෑම ගීත ඉල්ලීමක් සදහා අවස්ථාව ලැබෙනවා. විශේෂත්වය නම් මෙම සජිවි අත්දැකීම විසිහතර පැයේම ඔබ හා සම්බන්ධ වීමයි.

No Traffic – Traffic එකක් නැතුව සිංදු අහන්න

සතියේ දිනවලදී මෙන්ම සති අන්තයේදී අළුයම තුනේ සිට පහ දක්වා  No Traffic  තුළින් එක් අසන්නෙකුගේ ඉල්ලීම් කිහිපයකටම අවස්ථාව ලැබෙනවා.Traffic එකක් නැතුව දිගටම ගීත අහන්න ඔබට පුලුවන්.


Sihasara Facebook